Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 9:21 - Sinhala Revised Old Version

21 තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:21
9 හුවමාරු යොමු  

නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද නුඹ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,


අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.


ඉතින් නුඹලා ශාපලද්දෝය, නුඹලාගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.


යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.


අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.


ඇගේ හඬ සර්පයෙකුගේ හඬමෙන් නික්මෙන්නේය; මක්නිසාද ඔව්හු ලී කපන්නන් මෙන් පොරෝ ඇතුව, සේනාවක් සමඟ ඈට විරුද්ධව පැමිණෙන්නෝය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කී හැටියටද, නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ හැටියටද, අද උන්වහන්සේ නුඹ තමන්ට සෙනඟක් කොට ස්ථිරකරන පිණිසත් නුඹේ දෙවියන්වහන්සේ වන පිණිසත්,


යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්