Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:7 - Sinhala Revised Old Version

7 යෝෂුවා: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස, අප නැතිකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවාදීමට ඔබ මේ සෙනඟ යොර්දානෙන් මෙගොඩට පැමිණෙවුවේ මක්නිසාද? අනේ අපි යොර්දානෙන් එගොඩ වාසයකරන්ට සතුටුවුණෙමුනම් හොඳය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:7
19 හුවමාරු යොමු  

ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;


එවිට ඉශ්‍රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.


උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.


සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.


අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය.


එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.


ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.


යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.


අහෝ, ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ සතුරන්ට පිටිපෑවාට පසු මම මක්කියම්ද?


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.


සෙනඟ කඳවුරට ආ කල ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්