Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:19 - Sinhala Revised Old Version

19 යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:19
25 හුවමාරු යොමු  

එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.


උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.


එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.


මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස,


හෙසකියා ස්වාමීන්වහන්සේගේ මෙහෙය ගැන සමර්ථකම ඇති සියලු ලෙවීවරුන්ට මිත්‍රකමින් කථාකෙළේය. ඔව්හු ශාන්ති පූජා ඔප්පුකරමින්ද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් කෑවෝය.


නුඹ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.


මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.


එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.


විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,


මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.


මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,


මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.


මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.


ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි:


එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්