Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:23 - Sinhala Revised Old Version

23 ඔත්තුකාරයෝ වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ්ද ඇගේ පියාද මවුද සහෝදරයන්ද ඈට අයිති සියල්ලන්ද ඇගේ සියලු නෑයන්ද පිටතට ගෙනවුත් ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත ඔවුන් සිටෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහෝදරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහෝදරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:23
15 හුවමාරු යොමු  

ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.


ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.


මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද?


පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.


ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.


නුඹලාද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද නුඹලා නුමුත් නුඹලා විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න.


ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද?


මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.


අප දේශයට ආ කල මේ රතු නූල් පටිය නුඹ අප බැස්සෙවු කවුළුවෙහි බැඳ තබා නුඹේ පියාද මවුද සහෝදරයන්ද නුඹේ පියාගේ ගෙයි වැසි සියල්ලන්ද නුඹ වෙතට ගෙයි එකතුකරගන්න.


අපේ ප්‍රාණ මරණයෙන් ගළවන හැටියට ස්වාමීන්වහන්සේ ගැන මට දිවුරා සත්‍යවූ ලකුණක් මට දුනමැනවියි ඒ මනුෂ්‍යයන්ට කීවාය.


තවද දෙවියන්වහන්සේ සමභූමියෙහි නුවරවල් විනාශකරන කල්හි දෙවියන්වහන්සේ ආබ්‍රහම් සිහිකොට, ලොත් විසූ නුවරවල් විනාශකරද්දී ඒ විනාශය මධ්‍යයෙන් ලොත් පිටතට යැවූසේක.


ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.


ඈ ඔවුන්ට කථාකොට: එළවාගන ගිය අයට නුඹලා අසු නොවන පිණිස කඳුකරයට යන්න; ඔවුන් හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු නුඹලාගේ ගමන යන්නැයි ඔවුන්ට කීවාය.


නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්