Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 5:7 - Sinhala Revised Old Version

7 උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 5:7
5 හුවමාරු යොමු  

තවද කොල්ලයක් වන්නෝයයි නුඹලා විසින් කීවාවූ නුඹලාගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින නුඹලාගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.


එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.


තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය.


අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්