Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 4:6 - Sinhala Revised Old Version

6 මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 4:6
19 හුවමාරු යොමු  

තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ නුඹලාගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට,


දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.


අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ නුඹලාද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැත කියා මතු කාලයේ නුඹලාගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.


නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.


කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.


ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.


දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.


මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,


මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේයයි කීමි.


තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.


තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


ඔවුන්ට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරියෙහි නුඹලා යොර්දාන මැදට ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තබාගන යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්