Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 4:5 - Sinhala Revised Old Version

5 ඔවුන්ට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරියෙහි නුඹලා යොර්දාන මැදට ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තබාගන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 4:5
7 හුවමාරු යොමු  

එවිට යෝෂුවා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් තමා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නියමකළ මිනිසුන් දොළොස්දෙන කැඳවා,


මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට,


ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට යොර්දානෙන් එතරව නුඹ යන දවසේ මහත් ගල් සිටුවාගන, ඒවායේ හුනු ගා,


කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්