Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 3:4 - Sinhala Revised Old Version

4 එහෙත් මිම්මෙන් රියන් දෙදහසක් පමණවූ ඉඩක් නුඹලාටත් ඊටත් අතරේ තිබිය යුතුය. මීට පළමුවෙන් නුඹලා මේ මාර්ගයෙහි නොගිය බැවින් නුඹලා යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස ඊට ළංනොවී සිටින්නැයි අණකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 3:4
12 හුවමාරු යොමු  

උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


පසුගිය කාලවල, සාවුල් රජව සිටියදී පවා, ඉශ්‍රායෙල් පිටතට ගෙන ගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්නෙහිය, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය.


උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.


නුඹ සෙනඟට හාත්පසින් සීමා තබා: නුඹලා කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.


මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.


ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප්‍රිය නැති බව යාකොබ් දුටුවේය.


මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.


සෙනඟට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් නුඹලා දකින විට නුඹලාගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.


යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.


ස්වාමීන් කෙරෙහි භය ඇත්තේ කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක.


නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්