Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:26 - Sinhala Revised Old Version

26 යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:26
10 හුවමාරු යොමු  

ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.


එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.


රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.


යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා:


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්