Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:22 - Sinhala Revised Old Version

22 යෝෂුවාද: ස්වාමීන්වහන්සේට සේවයකිරීමට නුඹලා විසින් උන්වහන්සේ තෝරාගත් බවට නුඹලා නුඹලාටම විපක්ෂ සාක්ෂිකාරයෝයයි සෙනඟට කීවේය. ඔව්හු: අපි සාක්ෂියයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:22
7 හුවමාරු යොමු  

ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.


ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.


ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.


මා නොව නුඹේම මුඛය නුඹ වරදට පත්කරන්නේය; එසේය, නුඹේම තොල් නුඹට විරුද්ධව සාක්ෂිදෙන්නේය.


නුඹ ස්වාමීන්වහන්සේ නුඹේ දෙවියන්වහන්සේ කොට පිළිගෙන උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයන්ද පවත්වා උන්වහන්සේගේ හඬට කන්දෙන හැටියට අද පොරොන්දුවුණෙහිය.


එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;


සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්