Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 23:5 - Sinhala Revised Old Version

5 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, නුඹලා ඉදිරියෙන් ඔවුන් එළවා නුඹලා ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; නුඹලාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 23:5
9 හුවමාරු යොමු  

ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් නුඹට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.


ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.


අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.


බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි.


මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්