Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 23:4 - Sinhala Revised Old Version

4 ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 23:4
9 හුවමාරු යොමු  

යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


තවත් ඉතුරුව තිබෙන දේශය මේය: මිසරය ඉදිරිපිට තිබෙන ෂීහෝර් පටන් කානානිවරුන්ට අයිතිව උතුරේ තිබෙන එක්‍රොන් සීමාව දක්වා


නුඹලා වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,


මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


නුඹලාගේ උරුම කොටස වූ කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා,


මම ජාතීන් සිඳදැමීමි, ඔවුන්ගේ පවුරු මුදුන් පාළුවී තිබේ; ඔවුන්ගේ වීථිවල කිසිවෙක් නොයන හැටියට ඒවා පාළුකෙළෙමි. ඔවුන්ගේ නුවරවල මනුෂ්‍යයෙක්වත් වැසියෙක්වත් නොසිටින ලෙස ඒවා නටබුන්වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්