Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 23:3 - Sinhala Revised Old Version

3 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල නුඹලා දුටුවහුය; මක්නිසාද නුඹලා උදෙසා යුද්ධ කෙළේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 23:3
13 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.


එය නුඹලාගේ ඇස්වලට පෙනෙනවා ඇත, නුඹලාද: ඉශ්‍රායෙල් පළාතෙන් එපිටත් ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි කියන්නහුය.


මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.


නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.


නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.


ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.


මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.


මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.


ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ නුඹ අතට පාවා දෙනවා ඇත, නුඹ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. නුඹ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්