Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:8 - Sinhala Revised Old Version

8 නුඹලා බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව නුඹලාගේ කූඩාරම්වලට ගොස්, නුඹලාගේ සතුරන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:8
12 හුවමාරු යොමු  

ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න.


ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.


මේ කාරණය ගැන නුඹලාට ඇහුම්කන්දෙන්නේ කවුද? යුද්ධයට යන අයගේ කොටස යම්සේද බඩු ළඟ නවතින අයගේ කොටසත් එසේම වන්නේය. ඔවුන් විසින් එක සමානව බෙදාගත යුතුයයි කීවේය.


කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විදීම තෝරාගත්තේය.


එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.


සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.


එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යූදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.


තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය.


හෙසකියාට වස්තුද ඓශ්චර්යද අතිශයින්ම තිබුණේය. ඔහු රන් රිදීවලටත් අනර්ඝ ගල්වලටත් සුවඳ ද්‍රව්‍ය වලටත් පලිස්වලටත් සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩාගෙවල්ද,


නැගෙනහිරට ඔව්හු ප්‍රාත් ගංගාවේ පටන් කාන්තාරයට ඇතුල්වෙන තැන දක්වා වාසයකළෝය. මක්නිසාද ඔවුන්ගේ සිව්පාවෝ ගිලියද් දේශයෙහි බහුලව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්