Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:30 - Sinhala Revised Old Version

30 එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:30
11 හුවමාරු යොමු  

ඒ කාරණය ඉශ්‍රායෙල් පුත්‍රයන්ට හොඳව පෙනුණේය; එබැවින් රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද වාසයකළ දේශය විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඉශ්‍රායෙල් පුත්‍රයෝ තවත් කථානොකොට දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.


මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.


ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්,


ඒ කාරණය රජුටත් මුළු සභාවටත් හරිව පෙනුණේය.


එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.


නුඹලා අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද පාවාදුන්සේක. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය.


තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.


පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව නුඹලා මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්