Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:29 - Sinhala Revised Old Version

29 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:29
16 හුවමාරු යොමු  

සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා;


එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා.


එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?


එසේ නොවේවා. එසේ වුවොත් දෙවියන්වහන්සේ ලෝකයා විනිශ්චයකරන්නේ කොහොමද?


උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: නුඹලා එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යූදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?


නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද?


මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.


ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.


එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව,


ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා;


ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.


ඔව්හුද: අපේ ස්වාමියා මෙයාකාර වචන කියන්නේ මක්නිසාද? එබඳු දෙයක් කිරීම ඔබගේ මෙහෙකරුවන්ගෙන් දුරුවේවා.


එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ නුඹලා අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව.


එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්