Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:25 - Sinhala Revised Old Version

25 රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් නුඹලාටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැතැයි කියා මෙසේ නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:25
13 හුවමාරු යොමු  

මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.


එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.


එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.


එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ නුඹලාද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැත කියා මතු කාලයේ නුඹලාගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.


අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට කම් කිම්ද?


එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව,


මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්