Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:24 - Sinhala Revised Old Version

24 අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට කම් කිම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:24
7 හුවමාරු යොමු  

මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට,


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී නුඹේ පුත්‍රයා නුඹෙන් අසන විට,


තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.


මෙසේ, නුඹ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා නුඹ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා;


රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් නුඹලාටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැතැයි කියා මෙසේ නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්