Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:23 - Sinhala Revised Old Version

23 ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:23
10 හුවමාරු යොමු  

මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.


මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.


එම්බා දුෂ්ටය, නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි, තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාදකිරීමට නුඹ කථා නොකර සිටියොත්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.


නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.


නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.


මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.


අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට කම් කිම්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්