Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:9 - Sinhala Revised Old Version

9 යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද මෙහි නම් සඳහන්කරනු ලබන නුවරවල්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:9
7 හුවමාරු යොමු  

යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද නම් වංශයෙන් කියනලද මේ නුවරවල් ඔව්හු පස ඇට දමා දුන්නෝය.


ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය.


ඔව්හු ලෙවීගේ පුත්‍රයන්වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට දුන්නෝය. මක්නිසාද පළමුවෙනි පස ඇටය වැටුණේ ඔවුන්ටය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.


කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.


ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්