Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:8 - Sinhala Revised Old Version

8 ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:8
11 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.


පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.


පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.


නුවරවල් ඔවුන්ගේ වාසය පිණිස වන්නේය; ඒවායේ පිට-බිම් ඔවුන්ගේ සිව්පාවුන්ටත් ඔවුන්ගේ දේපළවලටත් ඔවුන්ගේ සියලු මෘගයන්ටත් වන්නේය.


පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.


එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට:


සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය.


මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් ලැබුණේය.


යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද මෙහි නම් සඳහන්කරනු ලබන නුවරවල්


ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්