Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:27 - Sinhala Revised Old Version

27 ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:27
8 හුවමාරු යොමු  

ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ ඒකේ පිට-බිම්ද අෂ්තාරොත් සහ ඒකේ පිට-බිම්ද;


යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.


ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.


හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,


කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දසයක්ය.


ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද,


ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.


ඔහු මාලීගේ පුත්‍රයාය, ඔහු මූෂීගේ පුත්‍රයාය, ඔහු මෙරාරීගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්