Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 2:22 - Sinhala Revised Old Version

22 ඔව්හු ගොස් කඳුකරයට පැමිණ එළවාගන ගිය අය හැරී යනතුරු තුන් දවසක් එහි නැවතුණෝය. එළවාගන ගිය අය මාර්ගයේ සෑම තැනම ඔවුන් සෙවූ නුමුත් සම්බවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 2:22
5 හුවමාරු යොමු  

අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.


ඈ: නුඹලාගේ වචනවල හැටියට වේවයි කියා ඔවුන් පිටත්කළාය, ඔව්හු ගියෝය. ඈ රතු ලනුව කවුළුවේ බැන්දාය.


එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්