Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:9 - Sinhala Revised Old Version

9 ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් සතකට බෙදා, නුවරවල ප්‍රකාරයට පොතක සටහන්කරගන, ෂීලෝහි කඳවුරේ යෝෂුවා ළගට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:9
3 හුවමාරු යොමු  

උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: නුඹලා ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය.


යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්