Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:7 - Sinhala Revised Old Version

7 මක්නිසාද ලෙවීවරුන්ට නුඹලා අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:7
11 හුවමාරු යොමු  

නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය.


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.


නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්