Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:3 - Sinhala Revised Old Version

3 යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්‍රමාදවන්නහුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:3
15 හුවමාරු යොමු  

අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.


ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. නුඹලා නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.


එකොළොස්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, එහි තවත් අය සිටිනවා දැක: නුඹලා මෙතැන දවස මුළුල්ලේ නිකම් සිටින්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවේය.


අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.


අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.


ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා.


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඉතුරුව සිටියෝය.


නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්