Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 17:14 - Sinhala Revised Old Version

14 යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 17:14
12 හුවමාරු යොමු  

ඇරත් මම නුඹේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමි, ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමියි කීවේය.


ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.


ඉස්සාඛර් ගෝත්‍රයෙන් යෝසෙප්ගේ පුත්‍රවූ ඉගාල්ය.


මනස්සේ සහ එප්‍රායිම් යන යෝසෙප් පුත්‍රයෝ මෙසේ තමුන්ගේ උරුමය ලැබූහ.


යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.


මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්‍රායිම්ට එකක්ය.


ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ නුඹ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු නුඹ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය.


වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා.


ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්