Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 16:7 - Sinhala Revised Old Version

7 යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 16:7
6 හුවමාරු යොමු  

ඔවුන්ගේ උරුම සහ වාසස්ථාන නම්: බෙතෙල් සහ ඒකේ ගම්ද නැගෙනඉරට නයරාන්ද බස්නාහිරට ගෙසෙර් සහ ඒකේ ගම්ද; අස්සා සහ ඒකේ ගම්ද දක්වා ෂෙකෙම් සහ ඒකේ ගම්ද;


ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


අබාරීම් කඳුවලින් පිටත්ව ගොස් යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


උතුරු සීමාව මික්මෙතාත් සිට බස්නාහිරට ගියේය; එතනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, යනෝවාට නැගෙනහිරින් එය පසුකර ගියේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්