Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:19 - Sinhala Revised Old Version

19 ඈද: මට වරයක් දුන මැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට ඔහු ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:19
8 හුවමාරු යොමු  

එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.


ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.


යූදාගේ ආශීර්වාදය මේය: ඔහු කියනුයේ– ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව. ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය; ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.


දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.


ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.


ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇසීය.


යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ උරුමය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්