Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:14 - Sinhala Revised Old Version

14 කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:14
9 හුවමාරු යොමු  

මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.


එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය.


ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.


එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.


නුඹ දන්නාවූ අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත්වූ උස ඇත්තාවූ සෙනඟක් පන්නා දමන්ටත් යන්නෙහිය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි යන කීම නුඹ අසා තිබේ.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දේශයෙහි අනාක්වරුන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. ගාසාහිද ගාත්හිද අෂ්දොද්හිද පමණක් ඔව්හු ඉතුරුව සිටියෝය.


එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්