Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:13 - Sinhala Revised Old Version

13 යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:13
18 හුවමාරු යොමු  

කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.


සාරා කානාන් දේශයෙහිවූ කිරියත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්‍රොන් නම් ස්ථානයය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.


යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.


ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.


එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය.


ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


නුමුත් නුවර කෙත්ද ඒකේ ගම්ද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ට දෙනලද්දේය.


ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.


මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.


හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.


ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


ශොරා, අයාලොන්, හෙබ්‍රොන් යන යූදාහිද බෙන්යමින්හිද තිබෙන නුවරවල් බලකොටු නුවරවල් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්