Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 14:8 - Sinhala Revised Old Version

8 එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:8
8 හුවමාරු යොමු  

එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය.


කාලෙබ් වනාහි ඒක දකින්නේය; ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමියි කියා දිවුළසේක.


එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.


එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.


ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.


මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක.


එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.


අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්