Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 13:26 - Sinhala Revised Old Version

26 හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනීම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාතද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:26
14 හුවමාරු යොමු  

දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝබිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,


තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය යෙප්තා කෙරෙහි පැමුණුණේය, ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පේට පැමිණ, ගිලියද්හි මිශ්පේ සිට අම්මොන් පුත්‍රයන් වෙතට ගියේය.


එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.


එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය.


ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද


යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.


තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා.


ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,


හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.


මහනායිම්හි සිටිය ඉද්දෝගේ පුත්‍රවූ අහිනාදාබ්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්