Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 12:7 - Sinhala Revised Old Version

7 බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 12:7
16 හුවමාරු යොමු  

කඳු රටද මුළු දකුණු දිශාවද මුළු ගෝෂෙන් රටද පාත රටද අරබා සමභූමියද ඉශ්‍රායෙල් කඳු රටද එහි පාත රටද යන මුළු දේශය යෝෂුවා අත්කරගන, එහි සියලු රජුන්ද අල්වා, ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය.


මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.


යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.


නුඹ සෙනඟට අණකරමින්–සේයිර්හි වසන ඒසව්ගේ පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ගේ සීමාව මැදින් නුඹලා යන්නහුය; ඔව්හු නුඹලාට භයවන්නෝය. එබැවින් නුඹලා හොඳාකාර ප්‍රවේසම්වන්න.


එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව.


අධිපතිවූ දීෂොන්, අධිපතිවූ එශෙර් සහ අධිපතිවූ දීෂාන්ය. මොව්හු සේයිර් දේශයෙහි තමන් අධිපතීන්ගේ ක්‍රමයෙන් හෝරිවරුන්ගෙන් පැවත ආවාවූ අධිපතියෝය.


ඒ දේශයෙහි වාසයකළ හෝරියවූ සේයිර්ගේ පුත්‍රයෝ: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,


ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


කාන්තාරයට ළංවූ ඒල්-පාරාන් දක්වා සේයිර් නම්වූ ස්වකීය කඳුකරයෙහි සිටිය හෝරිවරුන්ටත් පහරදුන්නෝය.


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්