Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 12:2 - Sinhala Revised Old Version

2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 12:2
12 හුවමාරු යොමු  

ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය.


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය.


ඔව්හු අර්ණොන් පටන් යබ්බොක් දක්වාද කාන්තාරයේ පටන් යොර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමිකරගත්තෝය.


අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.


යෝවෙල්ගේ පුත්‍රවූ ෂෙමාගේ පුත්‍රයා වන ආසාස්ගේ පුත්‍රවූ බෙලාය. ඔහු අරොයෙර්හිද නෙබෝ සහ බාල්-මෙයෝන් දක්වාද වාසයකෙළේය.


අහෝ ආරොයේර් වැසිය, මාර්ගයෙහි බලබලා සිට: මක්වුණාද කියා පලායන තැනැත්තන්ගෙන්ද ගැළවීයන තැනැත්තන්ගෙන්ද අසන්න.


හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්