Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:22 - Sinhala Revised Old Version

22 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දේශයෙහි අනාක්වරුන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. ගාසාහිද ගාත්හිද අෂ්දොද්හිද පමණක් ඔව්හු ඉතුරුව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:22
19 හුවමාරු යොමු  

ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය.


එක්‍රොන් පටන් බස්නාහිරට මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නුවරවල් සහ ඒවායේ ගම්ය.


අෂූර්හි රජවූ සර්ගොන් විසින් එවුවාවූ තර්තාන් අෂ්දෝද්ට ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට අල්වාගත් අවුරුද්දේදී,


ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැගුවේය.


මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.


අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝවූ, ගාත්හි වැසියන් පන්නාදැමුවාවූ බෙරියා සහ ෂෙමායා;


නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට පලාගියෝය. එවිට: නුඹේ වැඩකාරයෝ ගාත්හි සිටිතියි ෂිමෙයිට දන්වන්ට යෙදුණේය.


පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන එබෙන්-එසෙර්හි සිට අෂ්දොද්ට ගෙනාවෝය.


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.


නුඹ දන්නාවූ අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත්වූ උස ඇත්තාවූ සෙනඟක් පන්නා දමන්ටත් යන්නෙහිය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි යන කීම නුඹ අසා තිබේ.


කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.


යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය.


කප්තෝර්හි සිට ආ කප්තෝර්වරු ගාශා දක්වා ගම්වල විසූ අව්විවරුනුත් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි විසුවෝය.)


කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වාද මුළු ගෝෂෙන් රටෙහි ගිබියොන් දක්වාද යෝෂුවා ඔවුන්ට පහරදුන්නේය.


අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්