Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:17 - Sinhala Revised Old Version

17 කඳු රටද මුළු දකුණු දිශාවද මුළු ගෝෂෙන් රටද පාත රටද අරබා සමභූමියද ඉශ්‍රායෙල් කඳු රටද එහි පාත රටද යන මුළු දේශය යෝෂුවා අත්කරගන, එහි සියලු රජුන්ද අල්වා, ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:17
12 හුවමාරු යොමු  

ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ නුඹ අතට පාවා දෙනවා ඇත, නුඹ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. නුඹ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.


ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා මුළු ලෙබනොනුත්ය.


නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.


කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය.


ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.


එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


(සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;)


ඒ සියලු රජුන් සමඟ යෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේය.


උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.


හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්