Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:12 - Sinhala Revised Old Version

12 යෝෂුවා මේ සියලු රජුන්ගේ නුවරවල්ද එහි සියලු රජුන්ද අල්වාගෙන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ ලෙස කඩුමුවහතින් ඔවුන්ට පහරදී ඔවුන් සිඳදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:12
18 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.


ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ ලෙස මෝසෙස් යෝෂුවාට අණකෙළේය. යෝෂුවාද එසේ කෙළේය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ලෙන් ඔහු කිසිවක් නොකොට නොසිටියේය.


ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.


ඔව්හු ඒ දවසේදී එය අල්ලාගෙන, ඊට කඩු මුවහතින් පහරදී, ලාකීෂ්ට කළ සියල්ල ලෙස එහි සිටි සියලු ප්‍රාණීන්ද ඒ දවසේදී මුළුමනින්ම විනාශකර දැමුවෝය.


ස්වාමීන්වහන්සේ ලාකීෂ්ද ඉශ්‍රායෙල්වරුන් අතට පාවාදුන්සේක, ඔහු දෙවෙනි දවසේදී එය අල්ලාගන ලිබ්නාට කළ සියල්ල ලෙස ඊටත් එහි සිටිය සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.


ස්වාමීන්වහන්සේ ඒකත් එහි රජුත් ඉශ්‍රායෙල්වරුන් අතට පාවාදුන්සේක; ඔව්හු එහි සිටිය එක්කෙනෙක්වත් ඉතුරු නොකොට එයටත් එහි සිටිය සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, යෙරිකෝවේ රජුට කළාක් මෙන් එහි රජුටත් කළෝය.


ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.


ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය නුඹවහන්සේලාට දෙන්ටත් නුඹවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් නුඹවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි නුඹවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.


කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවාවූ පියවි ගල්වලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒබාල් කන්දෙහි පූජාසනයක් ගොඩනැගුවේය. ඔව්හු ඒක පිට ස්වාමීන්වහන්සේට දවන පූජා පුදා, ශාන්ති පූජාද ඔප්පුකළෝය.


නුඹලා නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා නුඹලාට අණකළ බව බලාගන්නැයි කීවේය.


එහෙත් හෙල් පිට පිහිටා තිබුණ සියලු නුවරවලින් හාශොර් මිස එකක්වත් ඉශ්‍රායෙල්වරු පුලුස්සා නොදැමුවෝය.


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.


යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් විනාශවනතෙක් ඉතා මහත් මැරීමකින් ඔවුන් මරා නිමකළ පසුද, ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නුවරවලට ඇතුල්වූ පසුද,


ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් නුඹට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.


ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්