Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:1 - Sinhala Revised Old Version

1 තවද හාශොර්හි රජවූ යාබීන් මේ දේ ඇසූ කල, මාදොන්හි රජවූ යෝබාබ්ටද ෂිම්රොන්හි රජුටද ආක්ෂාප්හි රජුටද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:1
19 හුවමාරු යොමු  

ඒ ප්‍රස්තාවේ යෝෂුවා හැරී ඇවිත් හාශොර් අල්වාගෙන එහි රජුට කඩුවෙන් පහරදුන්නේය. මක්නිසාද හාශොර් ඉහතදී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නුවරව තිබුණේය.


ස්වාමීන්වහන්සේද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


නුමුත් හාශොර්හි රජවූ යාබින් හා කේනියවූ හෙබෙර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේනිය හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේය.


අදාමාද රාමාද හාශොර්ද,


මාදොන්හි රජ එක්කෙනෙක්ය; හාශොර්හි රජ එක්කෙනෙක්ය;


ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ආවෝය.


රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.


දොර් නම් කඳුකරය මුළුල්ලෙහි සිටිය බෙන්-අබිනාදාබ්ය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුවවූ තාපත්ය.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය.


ෂිම්රොන්-මෙරොන්හි රජ එක්කෙනෙක්ය; අක්ෂාප්හි රජ එක්කෙනෙක්ය;


සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්