Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:39 - Sinhala Revised Old Version

39 එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:39
11 හුවමාරු යොමු  

තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.


මෙසේ යේහු යෙස්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතුරුව සිටි සියල්ලන්ද ඔහුගේ සියලු ප්‍රධාන තැනැත්තන්ද ඔහුගේ නෑයන්ද ඔහුගේ පූජකයන්ද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොකර මැරුවේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.


මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.


ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.


එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.


එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.


යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ දෙබීර්ට හැරී ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට,


දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්