Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 10:35 - Sinhala Revised Old Version

35 ඔව්හු ඒ දවසේදී එය අල්ලාගෙන, ඊට කඩු මුවහතින් පහරදී, ලාකීෂ්ට කළ සියල්ල ලෙස එහි සිටි සියලු ප්‍රාණීන්ද ඒ දවසේදී මුළුමනින්ම විනාශකර දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:35
5 හුවමාරු යොමු  

මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ලාකීෂ්හි සිට යෝෂුවා ඉශ්‍රායෙල්වරුන් සමඟ එග්ලොන්ට ගොස් එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධකෙළේය;


එග්ලොන්හි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ හෙබ්‍රොන්ට ගොස් ඊට විරුද්ධව යුද්ධකොට එය අල්ලාගෙන,


ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්