Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:25 - Sinhala Revised Old Version

25 යෝෂුවා ඔවුන්ට කථාකොට: භයනොවී නොකැලඹී සිටින්න, ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන නුඹලාගේ සියලු සතුරන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:25
13 හුවමාරු යොමු  

උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.


නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.


තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.


නුඹේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. නුඹ භයවෙන්නාවූ සියලුම ජනයන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.


ස්වාමීන්ගේ ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි.


නුමුත් මාගේ ආත්මය විනාශකරන්ට සොයන්නෝ පොළොවේ ගැඹුරු තැන්වලට යන්නෝය.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් නුඹ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් නුඹ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්