Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 9:20 - Sinhala Revised Old Version

20 කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 9:20
16 හුවමාරු යොමු  

නුඹට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාණන්ද බවත් මාංසමයවූ සියල්ලෝම දැනගන්නෝය.


තමුන්ගේ පුත්‍රයන්ගේ මාංසද දූවරුන්ගේ මාංසද ඔවුන් විසින් කන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඔවුන්ට කරන අමාරුවේදීත් තද පීඩාවේදීත්, ඔව්හු එකිනෙකාගේ මාංස කන්නෝයයි කියන්න.


දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.


අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම මාංසය කන්නේය.


බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;


ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;


දුප්පතුන්ගේ කුලුඳුලන්ට කෑම ලැබෙන්නේය, දිළින්දෝද සුවසේ නිදාගන්නෝය. මම සාගතයෙන් නුඹේ මුල නසන්නෙමි, එයින් නුඹේ ඉතිරි අයද නසනු ලබන්නෝය.


මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?


මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි.


යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්