Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 9:12 - Sinhala Revised Old Version

12 සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 9:12
25 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.


මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය.


ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යූදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති.


ඔබව හැඳින නොගත් ජාතීන් කෙරෙහිද ඔබගේ නාමයට යාච්ඤා නොකරන වර්ගයන් කෙරෙහිද ඔබගේ කෝපය වැගිරෙවුව මැනව. මක්නිසාද ඔව්හු යාකොබ් නාස්තිකළෝය, එසේය, ඔව්හු ඔහු නාස්තිකර නටබුන්කර, ඔහුගේ වාසස්ථානය පාළුකළෝය.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


නුමුත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් දේශයට විරුද්ධව ආ කල අපි කථාකොට: එන්න, අපි කල්දිවරුන්ගේ සේනාවද සිරියේ සේනාවද නිසා යෙරුසලමට ඇතුල්වෙමුයයි කීවෙමුව; මෙසේ අපි යෙරුසලමෙහි වාසයකරමුයයි කීවෝය.


ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.


ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.


ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.


මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.


ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;


මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි.


ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.


තවද මා විසින් නුඹලාගේ සියලු නුවරවල දත් ශුද්ධකමද නුඹලාගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, නුඹලා මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:


ඒ නිසා නුවරවල් දෙකක් තුනක් වතුර බීමට වෙන නුවරකට ගමන්කළෝය, නුමුත් සෑහීමට නොපැමුණුණෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.


ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්