Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 7:6 - Sinhala Revised Old Version

6 අපි යූදාට විරුද්ධව ගොස්, ඊට පීඩාකර, ඒක බිඳගන ඇතුළුවී, ඒ මැද ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකොට තබමුව කියා නුඹට විරුද්ධව නපුරක් යොදාගත් බැවින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔව්හු ජුදාට විරුද්ධ ව ආක්‍රමණය කොට, සෙනඟ බියගන්වා ඔවුන්ගේ පක්ෂයට බඳවාගෙන, ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකමට පත් කරන්න අදහස් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔව්හු ජුදාට විරුද්ධ ව ආක්‍රමණය කොට, සෙනඟ බියගන්වා ඔවුන්ගේ පක්ෂයට බඳවාගෙන, ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකමට පත් කරන්න අදහස් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 7:6
12 හුවමාරු යොමු  

සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


නුමුත් යෝරාම් රජුගේ දුවූ අහසියාගේ සහෝදරීවූ යෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ්ද ඔහුගේ කිරිමවද යහන්ගෙට හොරෙන් ගෙනගියාය; ඔහු මරනු නොලබන ලෙස ඔව්හු අතලියාගෙන් ඔහු සැඟෙවුවෝය.


දැන් නුඹලා දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව සිටින්ට කල්පනාකරන්නහුය; නුඹලා මහත් සමූහයක්ය, දෙවිවරුන් කොට යෙරොබොවම් නුඹලාට සාදාදුන් රන් වස්සොත් නුඹලා සමඟ වෙති.


නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.


ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්‍රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය.


මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය. තමුන්ට ඉෂ්ටකරන්ට බැරිවූ උපායක් යෙදුවෝය.


ඔව්හු ඔබගේ සෙනඟට විරුද්ධව ප්‍රයෝග උපා යොදති, ඔබගේ සඟවනලද්දවුන්ට විරුද්ධව මන්ත්‍රණයකෙරෙති,


මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.


තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය.


සිරියවරුද එප්‍රායිම්ද රෙමලියාගේ පුත්‍රයාද කථාකොට:


ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්