Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 7:16 - Sinhala Revised Old Version

16 මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 7:16
12 හුවමාරු යොමු  

මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි කීසේක.


තවද කොල්ලයක් වන්නෝයයි නුඹලා විසින් කීවාවූ නුඹලාගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින නුඹලාගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.


එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.


දඬුවම්කිරීමේ දවසේදී එප්‍රායිම් පාළුවක් වන්නේය. සැබවින්ම පැමිණෙන දේ මා විසින් ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි දන්වා තිබේ.


එබැවින් ස්වාමීන්වහන්සේ රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස්කර, ඔවුන්ගේම සතුරන්ද පොළඹවනසේක;


අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.


උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.


මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.


මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්