Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 61:4 - Sinhala Revised Old Version

4 ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 61:4
11 හුවමාරු යොමු  

නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ


එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.


ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.


යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.


නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්