Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 60:8 - Sinhala Revised Old Version

8 වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 60:8
8 හුවමාරු යොමු  

ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි;


තවද මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නෝය.


එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.


නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.


එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවූවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.


පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.


ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්