Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 60:18 - Sinhala Revised Old Version

18 නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 60:18
23 හුවමාරු යොමු  

ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.


මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.


මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.


උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.


උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චයකොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියනසේක; ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි;


නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් නුඹ පුරවන සේක.


විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.


මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?


නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.


එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.


ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.


මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.


මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.


නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා කියාද නුඹේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.


උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.


දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.


ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.


ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.


මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.


එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්