Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 6:2 - Sinhala Revised Old Version

2 උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 6:2
34 හුවමාරු යොමු  

එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.


ඔවුන්ගේ මුහුණුද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය; එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය.


උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.


උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.


එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,


උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.


එක කෙරුබ් රූපයක එක පියාපතක් පස් රියනක්ය, කෙරුබ් රූපයේ අනික් පියාපත පස් රියනක්ය. එක පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා දස රියනක්ය.


පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි;


තවද එක් රාජාලියෙක් අහස මැද පියාසරකරනවා දුටිමි. පිඹින්ට සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.


සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්.


ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.


එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.


ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.


ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.


ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.


බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.


තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ, ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය.


මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.


මක්නිසාද පෙට්ටියේ ඉඩමට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.


ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.


කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.


කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.


උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


බලව, උන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක; තමන්ගේ දූතයෝ අනුවණයෝයයි ඔවුන්ට දොස් තබනසේක.


එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඇසුවේය.


උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.


එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්:


දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.


සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය.


දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා–


එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.


තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක් නූණෝය.


මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.


ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්